Tamil-Sri LankaEnglish (United Kingdom)
අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ්‍ය, උතුරු මැද පළාත
මුල් පිටුව අප ගැන අමාත්‍යාංශයේ සංවිධාන පසුබිම

අමාත්‍යාංශයේ සංවිධාන පසුබිම

 

 

    අධ්‍යාපනය -

 

උතුරු මැද පළාතේ  සමාජ ආර්ථික වර්ධනයට ජවය  සැපයීම වෙනුවෙන්, විශ්ව දැනුමින්  සපිරි, බුද්ධිමත්, නිර්මාණශිලි හා නිපුනතා වලින් පිරිපුන් පුරවැසියන් බිහි කීරීම සඳහා විධිමත්, නොවිධිමත් හා විශේෂ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ  කාර්යක්ෂමතාවය හා ඵලදායකත්වය ඉහල නංවමින්, පළාතේ සියළු දරුවන් සඳහා ඉහල ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබීම සඳහා වන  සම අවස්ථා ජනිත කිරිමට කටයුතු කිරීම සහ

 

 

     පූර්ව ළමා විය සංවර්ධනය -

 

·        පාසල් අධ්‍යාපනයට ඇතුලත් වීමට පෙර  පාසල් නොයන වයසේ දරුවන්ගේ නිපුණතා සහ  සමාජානුයෝජන  හැකියා වර්ධනය කරමින්, වඩාත් සුදුසු හා  නිපුණත්වයෙන් ඉහල දරුවන්  පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා යොමු කිරීම මෙතුලින් සිදුවේ.

තොරතුරු තාක්ෂණය -
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ දැනුම, තොරතුරු හුවමාරුව හා දැනුවත්  සමාජයක් සඳහා තොරතුරු තාක්ෂණ අවශ්‍යතා  සපුරාලමින්   එමඟින් රාජ්‍ය සේවාවන් පළාතේ ජනතාවට වඩාත් සමීප කරවීම හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා ඇති ඉඩ ප්‍රශ්ථා පුළුල් කිරීමත්, නාගරික මෙන්ම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ  සඳහා ද තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනය ලැබීමේ සම අවශ්ථා  තහවුරු කිරීමත්, එතුලින්  පළාතේ ජනතාවගේ ජීවන තත්වය  මෙන්ම සමාජ සහ ආර්ථික සංවර්ධනය  ඇති කිරීම .

සංස්කෘතික -
රජරට අපට ආවේණික  වු අපගේ කලා ශිල්ප, සංස්කෘතික අංගයන්, දායාදයන් හා උරුමයන් ප්‍රවර්ධනය, අනාගත පරපුර සඳහා ආරක්ෂා  කිරීම හා  සංරක්ෂණය  කිරීම , පිරිවෙන් සහ දහම් අධ්‍යාපනය  නංවාලමින් සර්ව ආගමික සහජීවනය ශක්තිමත් කිරීම, බෞද්ධ ආගමික ස්ථාන සංවර්ධනය කිරීම සහ එතුලින් යහපත්, සදාචාර සම්පන්න හා සාරධර්ම සපිරි සමාජයක් බිහි කිරීම සඳහා කටයුතු  කරනු ලැබේ.

 

වර්තමානයේ පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන්  එස්.එම්. පේෂල ජයරත්න   මැතිතුමා කටයුතු කරන අතර අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු අමාත්‍යාංශ ලේකම් එන්.ජි. පණ්ඩිතරත්න මැතිතුමාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරේ. වර්තමානයේ අමාත්‍යාංශය  කාර්යාලයේ කාර්ය මණ්ඩලය පහත සඳහන් පරිදි වේ.

 

 

 

 

අනු අංකය 
 
තනතුර 

 

2011.05.31ට

අනුමත කාර්ය 

මණ්ඩලය

 

 

 

දැනට  සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
අතිරික්ත සේවක
සංඛ්‍යාව
01  ලේකම්  -ශ්‍රී.ලං.ප.සේ. 01 01  -  -
02 සහකාර ලේකම් (පාලන) - ශ්‍රී.ලං.ප.සේ. 11-1 01  01    
03 සහකාර  ලේකම්(මුදල්) 01  01    
04 සහකාර ලේකම්(සැලසුම්) 01 01    
05 පරිපාලන  නිළධාරි - කළ .සේ.  අධි පන්තිය  01  01    -
06 මුදල්  සහකාර  -කළ .සේ. 1  01 01  -
07 කළමණාකරන  සහකාර   1/11/111  16 09 07  
08 සංවර්ධන  සහකාර/
වැඩ  සටහන්  සහකාර  
 39
04 35
 
11 රියදුරු  03  01 02
 
12 කා.කා.ස.  03 04   01
  එකතුව  66   23 44  01

 

 

 
ජූලි 2014
බ්‍ර සි සෙ
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය


visitors